• (+94) 047 2225485
  • [email protected]
Therapuththa N.S.

H/THERAPUTHTHA NATIONAL SCHOOL

AMBALANTOTA

  • Register
  • Login
Therapuththa N.S.

H/THERAPUTHTHA NATIONAL SCHOOL

AMBALANTOTA

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් ධජය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය හා සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරුන්
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය හා සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.ඒ. ජයසේන මහතාය. එතුමන් සමග ආර්.එම්. විලියම් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඕ.එල්. විමලපාල සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ වයි.ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1948 ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.Richmond College

1955 ඔක්තෝබර් 15 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1972 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 123ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය. 

ආරම්භ කළ වර්ෂය

1940 දෙසැම්බර් 10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කදුරට මධ්‍යම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

 
Therapuththa N.S.

H/THERAPUTHTHA NATIONAL SCHOOL

AMBALANTOTA

Usefull Links

  • 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන
  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  Address  Wanduruppa Road, Ambalantota.
  •  Phone  (+94) 0472225485
  •  Fax  (+94) 0472225485
  •  WhatsApp  0714383595
  •  Email  [email protected]
  •  Facebook THERAPUTHTHA NATIONAL SCHOOL

Supported By

© 2026 Therapuththa N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk